6 June 2026
Strengthening Collaboration for Fair Royalty Collection

සංගීත ක්ෂේත්රයේ අභිවෘද්ධිය මුල් කරගෙන ACPOSL ආයතනය කොළඹ පුරපතිනි ව්රායි කැලී බල්තසාර් මෙනෙවිය සමඟ සිදු කළ සාකච්ඡාවේ එක් සාධනීය ප්රතිඵලයක් ලෙස සංගීත ප්රසංග සඳහා කොළඹ මහ නගර සභා සීමාව තුළ අයකරන බදු මුදල් ප්රතිශතය 12% සිට 7 %දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබෙනවා. එය අපට පමණක් නොව ප්රසංග ක්ෂේත්රයේ නියුතු සියලු ශිල්පීන්ටම සෙත සැලසෙන ජයග්රහණයක්. මේ සමග ඇත්තේ ඊට අදාල ගැසට් පත්රයයි. තවත් බදු සහනද මෙයට අන්තර්ගත වෙනවා. එසේම මහ නගර සභා සීමාවේ ප්රමුඛ පෙළේ ශාලාවලට අමතරව හෝටල් පරිශ්ර සහ සෙසු වෙළෙඳ අංගණවල වාණිජ වශයෙන් ගීත භාවිත කරන ස්ථානවලින් කර්තෘභාග අය කර ගැනීමේ ක්රියාවලියට කොළඹ නගර සභාවේ සහාය ලබාගත හැකි ආකාරයද මෙහිදී සාකච්ඡාවට ගැනුණා. ඒ පිළිබඳ නෛතික විධිවිධාන ඉදිරියේදී සකස් කෙරෙනු ඇති.
Together with local authorities, we are working towards a practical and effective royalty collection framework that supports both economic growth and the rights of Sri Lankan creators